News

හම්බන්තොට වරාය පරිශ්‍රයේදී යකඩ කිලෝ 1500ක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට යකඩ කිලෝ ග්‍රෑම් 1500ක් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව සහ හම්බන්තොට පොලිසිය එක්ව සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

යකඩ ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරියද දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් කණ්ඩායම සහ පොලිසිය එක්ව සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත සැකකරුවන් තිදෙනා අම්බලන්තොට සහ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සාලිය කුමාර ගුණසේකර