හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් ප්රමාදයෙන් මිලියන ගණන් කුලී ගෙවන්න වෙලා
බත්තරමුල්ල අකුරේගොඩ ප්රදේශයේ ඉදිකරනු ලබන ත්රිවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ප්රමාදය නිසා යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්රදේශවල ස්ථාපිත කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ගොඩනැගිලිවලට වාර්ෂිකව රුපියල් මිලියන 1293ක් වැය කිරීමට සිදුව ඇත.
යුද හමුදා මූලස්ථානය ගාලුමුවදොර ප්රදේශයෙන් ඉවත් කිරීමෙන් පසු ස්ථාන 10කින් වර්ග අඩි පන්ලක්ෂ පනස් පන්දහස් තිස් හයක් (555,036) මෙසේ කුලී පදනම මත ලබාගෙන තිබේ.
නව ගොඩනැගිල්ලේ වැඩ 2020 ජුනි 30 වැනි දින වන විට අවසන් කිරීමට නියමිතව තිබුණද ප්රමුඛතා පදනම මත හඳුනාගත් ගොඩනැගිලි තුනක පමණක් ඉදිකිරීම් කටයුතු 60%කින් පමණ මේ වන විට අවසන් වී ඇත. එහෙත් සමස්ත ඉදිකිරීම්වලින් සියයට පනහක්වත් අවසන් කර නොමැති බව වාර්තා වේ.