හරීන් ප්‍රනාන්දු අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වෙයි
තමන් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව හරීන්දු ප්‍රනාන්දු මහතා මීට ටික වේලාවකට පෙර සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.
ඔහු සිය පණිවුඩයෙන් පෙන්වා දී ඇත්තේ ජනතාව ලබාදුන් තීන්දුවට ගරුකරමින් තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තමන් විසින් දැරූ සියලුම තනතුරු වලින් ද ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු විසින් තැබූ ට්විටර් පණිවුඩයේ සදහන් වේ.
Respecting the people's mandate I am stepping down as Minister of Sports, Telecommunications & Foreign Employment. I am also resigning from my positions at UNP. I Take this opportunity to thank every one who supported me in my tenure, hope good work done will be continued
— Harin Fernando (@fernandoharin) November 17, 2019
