News

හලාවත පුත්තලම මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් 12කට තුවාල

හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය මංසන්ධියේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම අනතුරින් තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කර ඇතිබව වාර්තා වන අතර කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවඇත.

ලංගම බස් රථය බංගදෙණිය මංසන්ධියේ නතරකර තිබියදී පෞද්ගලික බස් රථය පිටුපසින් පැමිණ එහි ගැටී ඇති අතර
තුවාල ලැබුවන් අතර පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයද සිටින බව වාර්තා වන අතර පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.