හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට පැමිණි පලා ගිය තරුණයන් දෙදෙනා සහ තවත් පිරිසක් හැටන් පොලිසියට භාර වෙයි
වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස සැලකෙන හැටන් ශ්‍රි කුරුසදේවස්ථානයට පැමිණ පලා ගිය තරුණයන් දෙදෙනා සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් ඔහුන්ගේ ඥාතින් සමග අද (07) හැටන් පොලිසියට භාර වි ඇත.
ඉකුත් මස (07) දින මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට ගොස් එම දේවස්ථානය නැරඹිමට අවශ්‍යය බවත්, එම දේවස්ථානයේ පියතුමන් සිටිනවාද යන්න එම දේවස්ථානයේ දේව මෙහෙයට පැමිණි කිතුනු බැතිමතුකුගෙන් විමසිමක් සිදු කර ඇත.
එම අවස්තාවේ දේවස්ථානයේ දේව මෙහෙයට සිනුව නාද කිරිමත් සමග එම තරුණයන් දෙදෙනා පලා යාමෙන් පසු පාස්කු ඉරුදින සිදු කල ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසු හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කර එම තරුණයන් දෙදෙනා පිලිබදව සැක සිති එම දේවස්ථානයේ ප්‍රධාන පියතුමණ් විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ආරක්ෂිත කැමරාවේ දර්ශනද පොලිසිය වෙත භාර දි තිබුණි.
ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ හැටන් පොලිසිය මගින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසු එම දර්ශන මාධ්‍යය මගින් ප්‍රචාරය විමෙන් පසු එම තරුණයන් පිරිස අද හැටන් පොලිසියට භාර වි ඇත.
කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයන් කොළඹ ප්‍රදේශයේ ආගමික යාඥාවන් ජමාත් සදහා තරුණයන් යොමු කරන ප්‍රධාන මුස්ලිම් පල්ලියක් මගින් පිරිස හැටන් ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියක් වෙත එවා ඇත.
හැටන් මුස්ලිම් පල්ලියේ යාඥා කටයුතු නියැලි සිටිමෙන් අනතුරුව ප්‍රථම වතාවට හැටන් ප්‍රදේශයට පැමිණි එම තරුණයන් පිරිස හැටන් ප්‍රදේශයේ සුන්දර ස්ථාන කිහිපයක් නරඹා පැරණි ශ්‍රි කුරුස දේවස්ථානය නැරඹිමටද ගොස් ඇති බවයි එම තරුණයන් විසින් හැටන් පොලිසියට කරන ලද ප්‍රකාශ කර ඇත්තේ .
මෙම තරුණයන් පිරිස කිසිදු ත්‍රස්තවාදි ක්‍රියාවකට සම්බන්ධ නොවන අය බවත්, මෙම තරුණයන් පිරිස යාඥා කටයුතු සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවලට ගොස් යඤාවල යෙදෙන පිරිසක් බවයි හැටන් පොලිසිය පැවසුවේ.
හැටන් – රංජිත් රාජපක්ෂ