හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාවට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ලබන මැයි මස 8 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
ඒ, නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ E.A.G.A. අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
පෞද්ගලික හේතුවක් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
එබැවින් මෙම නඩුව වෙනත් දිනයක සලකා බැලීමට අද නියෝග කර තිබෙනවා.