හිටපු ආරක්ෂක ලේකම්ගේ නඩුව 11වනදා දක්වා කල්යයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව මේ මස 11 වන දා දක්වා කල් තැබීමට විශේෂ මහාධිකරණය නියම කර ඇත.
මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කළ බවට නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ හත්දෙනෙකුට වන අතර මෙම නඩුව අද පෙරවරුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
අධිකරණයේ අවසරය මත හිටපු ආරක්ෂක ලේකම්වරයා විදේශගතව සිටි. අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදනා එල්ලවී ඇති අනෙක් විත්තිකරුවන් 6 දෙනා අධිකරණය හමුවේ පෙනී සිට ඇත.