හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නඩුව දෙසැම්බර් 04 වනදා
ඉකුත් රාජ්‍ය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.
එම නඩුවට අදාළව පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද පෙරවරුවේ පැමිණ තිබේ.
නීතිපතිවරයා පැවරූ මෙම නඩුවට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර මෙම නඩුව ලබන දෙසැම්බර් 4 වනදා සිට අඛන්ඩව විභාගයට ගැනීමට නියමිතයි.