හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය දිවයිනට
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇත.
සිංගප්පුරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 468 දරණ යානයෙන් රාත්‍රී 11.45ට ඔහු කටුනායක වෙත පැමිණි ඇති බව වාර්තා වෙයි.
මැදමුලන – ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 දශම 9ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩුව අනිද්දා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යලි විභාගයට ගැනීමට නියමිතව ඇත.
