News

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරයට අදාළ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ මහාධිකරණයෙන් ඇප නියම කර තිබේ.

පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේය.