News

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අදත් CIDයට පැමිණෙයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (13) දිනයේත් අපරාධ පරික්ෂ දේපාර්තමේන්තුවට පැමිණ තිබේ.

මීට සුළු වේලාවක පෙර කරන්නාගොඩ මහතා අපරාධ පරික්ෂ දේපාර්තමේන්තුව වෙත පැමිණි බවයි අප වාර්තාකරු පවසයි.

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ පරික්ෂ කටයුතු පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.