හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජනපති සටනට එක්වන ලකුණු
විද්වතුන් පිරිසකගේ මැදිහත් වීමෙන් පිහිටුවාගෙන ඇති මහජන සභාවේ මූලිකත්වයෙන් බිහි කෙරෙන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක නම් කිරීමට නියමිත බව එම සන්ධාන ආරංචි මාර්ග ‘අරුණ’ට ඊයේ (22දා)පැවැසීය.
මහජන සභාවේ ප්රධානීන් හා හිටපු යුද හමුදාපතිවරයා සමග පෙරේදා (21දා)ද සාකච්ඡාවක් පවත්වා ඇති අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට මහේෂ් සේනානායක කැමැත්ත පළ කර ඇතැයි එම සාකච්ඡාවට එක් වූ නියෝජිතයෙක් සඳහන් කළේය. මේ වන විට දේශපාලන පක්ෂ දෙකක් මහජන සභාව එක්ව සිටින බවත් තවත් දේශපාලන පක්ෂයක් සම්බන්ධ කර ගැනීමට සූදානමක් පවතින බවත් එම නියෝජිතයා කීවේය.
හිටපු යුද හමුදාපතිවරයා මහජන සභාවේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ දැයි එහි කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන්ගෙන් අප කළ විමසුමේදී උන්වහන්සේ කියා සිටියේ ඔහු ඇතුළු තවත් කිහිපදෙනෙක් සමග සාකච්ඡා කරමින් පවතින බවයි. මහජන සභාවේ මූලිකත්වයෙන් බිහි කෙරෙන සන්ධානය මෙම සතිය ඇතුළත ප්රකාශයට පත් කෙරෙන බවත් උන්වහන්සේ පැවැසීය.
නිලන්ත මදුරාවල
