හිටපු රේගු ලොක්කන් දෙදෙනාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර මහතා සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තාරක සෙනෙවිරත්න යන අය ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(11) නියෝග කර ඇත.
එක් අයකුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත මෙම හිටපු අධ්‍යක්ෂකවරු දෙදෙනා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර සඳ හිරු සෑය ගර්භයේ තැන්පත් කිරීම සඳහා රේගුවේ තිබූ කිලෝග්‍රෑම් 8ක් බරින් යුතු සමාධි බුදු පිළිමයකට අවශ්‍ය රත්රන් මුදාහැරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය චෝදනා නගා ඇත.
