හිටපු හමුදාපතිවරයෙක් පිස්සෙක් වගේ බොරු කියනවා – තෙවරප්පෙරුම
මතුගම යටදොල වත්ත කරන්පෑතර මාර්ගය සංවර්ධනය කොට විවෘත කිරිමේ උත්සවයට ඊයේ (15) දින සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සරත් ෆොන්සේකා මහතා විවේචනය කළේය.
ඒ එක්සත් ජාතික පක්ෂයට පැමිණි හිටපු හමුදාපතිවරයෙක් පිස්සෙක් වගේ බොරු කියන බවත් ඔහු ගම්මන්පිල මන්ත්‍රීවරයාට හා විමල් විරවංශ මන්ත්‍රීවරයාට විවිධ චෝදනා එල්ල කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
එමෙන්ම පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මුදල් ගත්තා යැයි ඔහුට කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මතුගම යටදොල වත්ත කරන්පෑතර මාර්ගය සංවර්ධනය කොට විවෘත කිරිම ඊයේ පෙරවරුවේ පැවැත්වුණු උත්සවයට සහභාගී වෙමින් මේ බව කියා සිටියේය.