News

හිමිනමක් හා තවත් දෙදෙනෙකු පැහැරගත් 06දෙනෙකු අත්අඩංගුවට

නාරාහේන්පිට විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් හා තවත් දෙදෙනෙකු පැහැරගැනීම හා එහි තිබු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමාවක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාද කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වන අතර සැකකරුවන් සන්තකයේ තිබී රන් පැහැති බුද්ධ ප්‍රතිමාවක්, පුස්කොල පොත් 05ක්, වලම්පුරියක්, ඩිෆෙන්ඩර් රථයක් හා ජංගම දුරකථන 02ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් 06දෙනා අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.