හිස්බුල්ලා අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු 2 ට යළි රැස්වීමට නියමිතව ඇත
අද කමිටුව හමුවට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් සහභාගී වෙයි. එයට අමතරව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාද කැඳවා ඇත.
අප්‍රේල් 21 වන දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ එම තේරීම් කාරක සභාවේ සභාපතීත්වය දරන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාය.
