News

හීත්‍රෝ ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 504 දරණ ගුවන් යානයෙන් ඔවුන් දෙදෙනා අද දහවල් 12.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

දිවයිනට පැමිණි මොවුන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරිමට පියවර ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන ඇත.