News

හෙට අහස ගොරවයි – වැසි කඩා වැටෙයි

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (16 වැනිදා) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතී.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවන බවත්, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පසු වැසි ඇතිවන බවත් පැවසේ.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ත් 100ත් අතර තද වැසි ඇතිවේ.

සාලිය කුමාර ගුණසේකර