News

වතුර

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි

හෙට (14) පස්වරු 8.00 සිට පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 02 හා 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.