හෙට පෙරවරු 9 සිට පැය 24ක් කොළඹ ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්
හෙට පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් කොළඹ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ඇත.
කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත.
