හෙට සිට පැය 24ක් මහරගම අවට වතුර නෑ
නවීකරණ කටයුත්තක් සඳහා මහරගම අවට ප්‍රදේශ කීපයක ජල සැපයුම් සෙනසුරාදා 26 පෙරවරු 8 සිට 27 වන දින දක්වා පෙරවරු 8 දක්වා පැය 24 කට කාලයක් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක මෙලෙස ජල සැපයුම කාප්පාදු කරන ප්‍රදේශයන්ය.