හෙට සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන් වෙයි
හෙට (05) වනදා සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව හෙට දහවල් 12.12 ට දික්වැල්ල, කැකනදුර, කොටවිල සහ මිදිගම ප්‍රදේශවලට ඍජුව හිරු මුදුන් වන අතර බස්නාහිර, මධ්‍යම, දකුණ ,සබරගමුව, සහ ඌව යන පළාත්වලට මෙන්ම අනුරාධපුර, වව්නියාව යන දිස්ත්‍රික්කවලටද තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.