හෙද පුහුණුවට On-line ක්‍රමයට අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි
Covid-19 වෛරසය හේතුවෙන් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ (On-line) ක්‍රමවේදය මගින් අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය තීරණ කර තිබේ.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා මේ බව සදහන් කරයි.
