News

හෙරොයින් කිලෝ 600ක් පුද්ගලයින් 09ක් සමඟ ඉරාන නෞකාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරාන නෞකාවක් දකුණු මුහුදේදී මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් තොගය සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙම නෞකාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 600 ක් පමණ තිබී ඇති.

වැටලීම සිදු කරන අවස්ථාවේ නෞකාවේ සිටි පුද්ගලයින් හෙරොයින් ඇසුරුම් කඩා කොටසක් මුහුදට දමා ඇති බව ද පොලීසිය සඳහන් කරන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ වරායට රැගෙන ඒමට නියමිතව ඇත..