හෙරොයින් සමග කතක් අත්අඩංගුවේ
අයිස් මත්ද්‍රවය සහ හෙරොයින් මත්ද්‍රවය සමග කාන්තාවක ඇතුළු දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාගම ප්‍රදේශයේ දී සිදුකරනු ලැබූ මෙහෙයුමකදී ඊයේ (26) අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් හා රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් සමග පුද්ගලයෙකු පළමුවෙන් ම අත්අඩංගුවට ගෙන තිබුණා
පසුව එම අත්අඩංගුවටගත් සැකකරු ගෙන් ලබාගත් තොරතුරු අනුව දෙහිවල ප්‍රදේශයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
සැකකාරිය සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් සොයාගෙන ඇති අතර වැඩි දුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.