News

හෙරොයින් සමඟ 19 දෙනෙකු අත්අඩංගුවට

උම්පාර උහන ප‍්‍රදේශයට හෙරොයින් මත්කුඩු බෙදා හරිමින් සිටි ප‍්‍රධාන සැකකරුවෙකු සමඟ එයට ඇබ්බැහි වූවන් ඇතුළු 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව උහන පොලීසිය සඳහන් කරයි.

එම ප්‍රධාන ජාවාරම්කරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 19 ක් සහ සෙසු සෑම සැකකරුවෙකු සන්තකයේ ම තිබී හෙරොයින් මිලිග්‍රෑම් 50 බැගින් පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රධාන ජාවාරම්කරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.