News

Update : හේමසිරි සහ පූජිත්ට එරෙහි නඩුව කල්යයි

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සම්බන්ධ වැඩිදුර නඩු විභාගය ලබන ඔක්තෝබර් 3 දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියම කළාය.

මෙහිදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කර ඇති බවත් පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර ඇති බවත් ඔහුගෙන් අද දිනයේත් ප්‍රකාශ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් පැවසීය.

සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනයේ දී වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.

——————————————————————————————————————————

හේමසිරි සහ පූජිත් අද අධිකරණය හමුවට

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

ඡායාරූප – සමන් අබේසිරිවර්ධන