හොරෙන් කැසිනෝ ගහපු කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය ප්‍රදේශයේදි මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සතුව තිබී කැසිනෝ ක්‍රීඩාවෙන් උපයාගත් රුපියල් දහසය ලක්ෂ පනස් එක්දහසක මුදලක් සොයා ගත් බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් අය අතර වයස අවුරුදු 31ක චීන ජාතික කාන්තාවක ද වන අතර සෙසු සැකකරුවෝ අවුරුදු 47 සහ 43 යන වයස්වල පසුවන අය බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.