News

හොරෙන් රට පනින්න ගිය 30ක් මාට්ටු

මෙරටින් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව වසින් අද අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු මුහුදේ නාවික සැතපුම් 80ක් දුරින් යාත්‍රා කළ සැක කටයුතු යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළ අතර මේ වන විට ඔවුන් ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව වාර්තා වෙයි.