හොර නෝට්ටු සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සමග වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී අද පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. එම අත්අඩංගුවට ගැනීම විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරනු ලබා ඇත.
සැකකරු ඔට්ටමාවඩි ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළෙඳ සැලක සේවකයකු බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කරනු ලබයි.
යුද හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව අදාළ වැටලීම කර තිබෙන අතර එහිදී ව්‍යාජ මුදල් සොයාගෙන ඇත . මෙම ව්‍යාජ මුදල් එකම කාණ්ඩයේ අංක යටතේ මුද්‍රණය කර තිබෙන බවද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.