News

හෝමාගම මූලික රෝහලත් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට

කොරෝනා රෝගීන්ගේ වැඩිවීමේ අවදානමත් සමග හෝමාගම මූලික රෝහල කොරෝනා යැයි සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

අයි.ඩී.එච්. රෝහලට අමතරව මුල්ලේරියාව රෝහලත්,හෝමාගම මූලික රෝහලත් මේ ආකාරයට කොරෝනා වැළදුණ රෝගීන් වෙනුවෙන් වෙන්කරන්නට නියමිතයි.

ඒ අනුව අද (21) සිට අදාළ රෝගීන් පමණක් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කරගැනීම සිදුවන බව රෝහල් අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.