News

​වෙසක් සංදර්ශන නවත්වන ලෙස ඉල්ලීමක්

වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරන දන්සල්, තොරණ, වෙසක් කූඩු තරග හා බැති ගී ගායනා සංදර්ශන සඳහා ආරක්ෂක හේතූන් මත අවසර ලබා නො​ෙදන ලෙස ශාසනාරක්ෂක බලමණ්ඩල නියෝජිතයින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ පිළිබඳව කළ විමසීමකදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම ප්‍රකාශ කළේ පසුගිය 26 වැනිදා තමන් හා දිවයින පුරා ශාසනාරක්ෂක බල මණ්ඩල හිමිවරුන් අතර පැවැති සාකච්ඡාවකදී කරනු ලැබූ එම ඉල්ලීම වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කිරීමට බලාපො​රොත්තු වන බවයි.

රංජිත් ගුණවර්ධන