News

තරුණ තරුණියන්ට රැකියා සම්පාදනයට බහු අරමුණු සංවර්ධන කාර්ය බළකාය එයි

දේශපාලනික හිතවත්කම මත රැකියා ලබාදීම නැවැත්වීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

8 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය හදාරා ඇති තරුණ තරුණියන් එක්ලක්ෂ තිස්දහසකට කම්කරු, සුළු සේවක, කාර්යාල සහායකයන් සහ මුරකරු ආදී තනතුරුවලට අදාළ රැකියා බහු අරමුණු සංවර්ධන බළකායක් මගින් ලබාදීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශය සියලු ඇමැතිවරුන්ට දැනුම්දී ඇත්තේ සියලුම බඳවා ගැනීම් මහ භාණ්ඩාගාරයේ අනුමැතියට යටත්ව සිදුකළ යුතු බවයි. මාස හයක පුහුණුවකින් පසු කාර්ය බළකාය ඔවුන්ගේ වාසස්ථාන අසලම රජයේ ආයතනවල සේවයේ යොදවනු ලැබේ. වසර දහයක සේවා කාලයකින් පසුව මෙම සේවකයන්ට විශ්‍රාම වැටුප් හිමිවන තලයට පිවිසීමට අවස්ථාව ඇත. සේවයේ නියුතු පළමු වසර තුන තුළ සේවය සිදුකරන ආකාරය, විනය, ආචාරධර්ම සහ හැකියා වර්ධනය ගණනය කොට විදෙස් රටවල සේවය කිරීමේ අවස්ථාවද ලබාදීමට නියමිතය.

කලණ වීරසිංහ