බර ඉසිලීමේ තරඟයට ගිය අවුරුදු 90 ක ආච්චි අම්මා
තායිවානයේ තායිපෙයි අගනුවරදී 2024 දෙසැම්බර් 21 වැනිදා පැවති විශේෂ බර ඉසිලීමේ තරඟයකදී, වයස අවුරුදු 90ක් වූ චින්ග් චෙන් චින් මෙයි, කිලෝග්රෑම් 35ක් ඔසවමින් සියලු දෙනාගේ අවධානයට ලක්විය.
ඇය පාර්කින්සන් රෝගයෙන් පෙළෙන නමුත්, 2023 වසරේදී බර ඉසිලීමේ ක්රීඩාව ආරම්භ කළේ තම මිණිපිරියගේ දිරිමත් කිරීමෙන් බව ඇය පවසයි. තරඟය අතරතුර, චින් මෙයි සිනාමුසු මුහුණින් සහ ශක්තිමත් අයුරින් ක්රීඩා කිරීමෙන් නරඹන්නන් අතර සිටි පරම්පරා තුනක ජනතාවගේ ආදරය දිනාගත්තාය.
මෙම තරඟය සඳහා සහභාගී වූ 44 දෙනා වයස අවුරුදු 70 හෝ ඊට වැඩි වීම විශේෂත්වයකි. චින් මෙයි වයස්ගතම ක්රීඩිකාව වූ අතර, වයස අවුරුදු 92ක් වූ පිරිමි ක්රීඩකයෙකුද මෙම තරඟයට සහභාගී වීය.ඔවුන් දෙදෙනාගේ තරඟ විලාශය පැමිණ සිටි සැම මවිතයට පත් කරන්නට සමත් විය.
චින්ග් චෙන් චින් මෙයිගේ ශක්තිය සහ වයසට නොබැඳි උද්යෝගය සියළු දෙනාට දුන් ඉතා මහඟු ආදර්ශයකි.