04/21 ප්‍රහාරය පිළිබද කොමිසමේ අතුරු වාර්තාව ගැන ජනපති නීතිපති සමග අද සාකච්ඡාවකට
පසුගිය පාස්කු ඉරුදින (අප්‍රේල් 21වැනි දින) එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව නීතිපතිවරයා සමඟ අද (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර එම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අව්‍යශ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සදහන් කරයි.
21 වැනි දින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සති 2ක් තුළ වාර්තාවක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපුද්ගල පර්යේෂණ මණ්ඩලයක් පත් කරනු ලැබුවේය.
එහි අතුරු වාර්තා පෙරේදා දිනයේ තමන් වෙත ලැබූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.