Latest News

වළකට වැටී අවුරුද්දයි මාස 10ක දියණියක් මරුට

වැඩිහිටියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අවුරුද්දයි මාස 10 පමණ කුඩා දියණියක් ,අලුතින් කපන ලද වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය – හතරැස් කොටුව, මහමොරකන්ද ප්‍රදේශයේ පදිංචි ආර්.ඒම් භාග්‍යා රස්සම්නි බණ්ඩාර නමැති දියණියක්.

පවුලේ දරුවන් තිදෙනෙකු වන අතර ඇය පවුලේ බාලම දරුවා වනවා.

මෙම දියණිගේ මව පසුගියදා ඇගේ සොහොයුරියගේ නිවසේ මෙම දැරිය නවත්වා මව කිසියම් කටයුත්තකට නිවසින් පිටව ගිය අවස්ථාවක දිණියගේ ලොකු අම්මා ඇයව කිහිප අවස්ථාවකම නිදි කරවීමට උත්සහ කර ඇත.

එහෙත් අවස්ථාවන් තුනදීම ඇය නැගිට සෙල්ලම් කිරීමට ගොස්ව තිබෙනවා.

පසුව ලොකු අම්මාට නිනිද් ගිය අවස්ථාවක මෙම දියණිය නිදා සිටි කොට්ටද රැගෙන සෙල්ලම් කිරීමට නිවස පිටුපසට ගිය අවස්ථාවේ ජලය පිරුණු මෙම අලුත් වැසිකිලිවලට මෙම දැරිය වැටී ඇත.

පසුව මෙම දැරිය නිවස තුළ නොසිටීම හේතුවෙන් ඥාතීන් දැරියව සොයා බැලීමේදී ඇය මෙම අනාරක්ෂිත වලට වැටී සිටිනු දැක ගොඩට ගෙන හබරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය දැරියගේ දේහය මේ වන විට හබරණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ ගල්ඔය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.