ජලය පිරුණු බාල්දියකට වැටී අවුරුද්දක් වයසැති දරුවෙකු මරුට
උඩුගම – මහව ප්‍රදේශයේ නිවසක තම සහෝදරයන් දෙදෙනා සමග දිය නාමින් සිටි කුඩා දරුවෙකු බාල්දියකට වැටීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුද්දක් වයසැති දරුවෙකු වන අතර ඔහු ජලය පිරුණු බාල්දියකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහව පොලීසිය සිදුකරනවා.