News

10වැනිදා ඩීසල් මිල රු. 4කින් වැඩි කළොත් කරනදේ බස් හිමියන් කියයි

ඉන්ධන මිල සුත්‍රයට අනුව ලබන 10 වැනිදා ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළදමනු ලැබුවහොත් බස් ගාස්තු මිලද ඊට පසුදා සිටම ඉහළදමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමය පවසයි.

අද කොළඹදී පැවැති සාකච්ඡාවකදී එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා මේ බව සඳහන් කළේය.

නමුත් මේ වන විට රුපියල් 12 ක් වන අවම බස් ගාස්තුව වැඩි වීමක් නොවන බවද බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.