News

13 සහ 14 සියලු සුරාසැල් වැසේ

ලබන 20 වැනිදා දක්වා වැටලීම් ක්‍රියාත්මක වන අතර ලබන 13 සහ 14 දෙදින තුල සුරාසැල් වසා තබන බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

විවිධ වැටලීම් සදහා පොලිස් නිලධාරීන් 8000 ක් අනියුක්ත කර ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කරන අතර අප්‍රේල් 15 වනදා ද සුරාසැල් වසා තබන්නැයි යෝජනා ඉදිරිපත් වී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.