13 හැවිරිදි දැරිය දුෂණය කළ වරදට මවගේ අනියම් සැමියා අත්අඩංගුවට
වයස අවුරුදු 13ක දැරියක් දුෂණය කළ බව කියන , 27 හැවිරිදි පුද්ගලයෙක් හලාවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා එම දැරියගේ මවගේ අනියම් සැමියා බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් අදාළ දැරිය පොලිසියට පවසා ඇත්තේ, පසුගිය වසරේ ජූලි මස සිට වරින්වර මෙම පුද්ගලයා අතින් තමන් දුෂණයට ලක්වූ බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොහු කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු ලෙස සේවයේ නිරතව සිටි අයෙක්.
අදාළ දැරිය හා මව පදිංචිව සිට ඇත්තේ එම සැකකරු සේවය කරමින් සිටි කොහු කර්මාන්ත ශාලාවේ කම්කරු නිවසක වන අතර දැරියගේ මවද සේවය කර ඇත්තේ එම කොහු කර්මාන්ත ශාලාවේමයි.
මෙම දැරියගේ පියාගේ මියයාමෙන් පසුව මව අදාළ සැකකරු සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
කෙසේවෙතත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.