15 වියැති දරුවකුව කිඹුලකු විසින් ඩැහැගනී
සාම්පූර් පොලිස් වසමේ ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගොස් සිටි දරුවන් තිදෙනෙකු අතරින් එක් දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.
වයස අවුරුදු 15ක පමණ දරුවකු මෙලෙස කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් තිබෙන බවත් ඊයේ (27) දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් එක් අයෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදහන් වී ඇති බවටත් පොලීසිය සඳහන් කරයි.
නාවික හමුදාව හා ප්රදේශවාසීන් එක්ව දරුවා සොයා ගැනීමේ මෙහෙයුම් සිදුකරන බව සාම්පූර් පොලීසිය සඳහන් කරයි.