දියේ ගිලී 17 හැවිරිදි සිසුන් දෙදෙනෙක් මරුට
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල ඉදිකර තිබූ වැවක දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු වැවේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, සුබ්රමනියම් විශ්ව හා මොහොමඩ් අර්ෆත් නමැති යහලතැන්න ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙක්.
අදාළ සිසුන් දෙදෙනා කිසිවෙකුටත් නොදන්වා ඊයේ (20) පස්වරුවේ මෙලෙස දිය නාමින් සිටියදී වැවේ ගිලී මිය ගොස් ඇති අතර ප්‍රදේශවාසියෙකු ඒ බව දැක පොලීසියට දැනුම් දී තිබෙනවා.
ඉන් අනතුරුව පොලිසිය මැදිහත්ව ඔවුන්ගේ දේහ පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමුකර බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිස්ය වැඩිදුර විමර්ශන සිදුකරනවා.