20 පැත්තක දමා ජනාධිපතිවරණයක් පැවැත්වීම සුදුසුයි – හකීම්
මැතිවරණ ක්‍රමය හෝ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.
අමාත්‍ය රවුෆ් හකීම් මහතා පෙන්වා දෙන්නේ රට තුළ ප්‍රධාන මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමට පියවර ගත යුතු බවය. අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින් රවුෆ් හකීම් අමාත්‍යවරයා මෙම අදහස් පල කල අතර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසෙක දමා ජනාධිපතිවරණයක් පැවැත්වීම සුදුසු බව එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.