News

2015දී පමණක් මැති ඇමැතිවරුන්ට පිටරට සැපගන්න ජනතා මුදල් ලක්ෂ දාහක්

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ 2015 වර්ෂයේදී පමණක් මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් සඳහා රුපියල් ලක්ෂ 1089ක් වැය වී ඇත.

ඒ ඇමැතිවරුන් සහභාගි වූ විදේශ සංචාර 86කට හා මන්ත්‍රීවරුන් සහභාගි වූ සංචාර 16ක් සඳහායි.

රාජකාරි සංචාර ලෙස ඇමැතිවරුන් 58ක් හා මන්ත්‍රීවරුන් 16 දෙනෙක් විදෙස් සංචාර සඳහා සහභාගි වී ඇති අතර පෞද්ගලික සංචාර ලෙස ඇමැතිවරුන් 28 දෙනෙක් සහ මන්ත්‍රීවරුන් නවදෙනකු සහභාගි වී ඇත.

ඇමැතිවරුන්ගේ සංචාර සඳහා අසූ එක් මිලියන අටලක්ෂ පනස් දෙදහස් හයසිය හතරක් (81,852654)ද මන්ත්‍රීවරුන් සඳහා රුපියල් විසිහත් මිලියන එක්ලක්ෂ හතළිස් හයදහස් හයසිය විසි හතරක් (27,146624) වශයෙන් රජයේ මුදල් වැයකර තිබේ.