2017 පොහොර ආනයනයේදී ලක්ෂ 5000 පාඩුවක්
රජයේ ප්රසම්පාදන මාර්ගෝපදේශන ක්රියාවලියෙන් බැහැරව 2017 වර්ෂයේ පොහොර ආනයනය කිරීම නිසා රුපියල් ලක්ෂ (5190) වැඩිපුර ගෙවීමට සිදුව ඇති බව විගණනයේදී හෙළිවී ඇත.
මේ අනුව යූරියා මෙට්රික් ටොන් 72,000ක් ආනයනය සඳහා ඩොලර් මිලියන 316,20ක් වැය කර ඇත. කෙසේ වෙතත් නියමිත ක්රමවේදයෙන් තොරව ආනයනය කිරීම නිසා මෙලෙස මුදලක් වැඩිපුර ගෙවීමට සිදුව ඇත.
මීට අමතරව පොහොර සහනාධාර වැඩසටහන යටතේ ගොවීන් 3021 දෙනකුට රුපියල් ලක්ෂ 282ක මුදලක් එම ගොවීන්ගේ ගිණුම්වලට බැර නොකර වෙනත් පුද්ගලයින්ගේ ගිණුම්වලට බැර කර ඇති බවටද හෙළි කර ගෙන තිබේ.