2018දී පොලිස් භාරයට ගත් හෙරොයින්වල වටිනාකම රු. මිලියන 5166ක්
2018 වසරේ ගතවූ කාලසීමාව තුළ සිදුකළ වැටලීම් වලින් කිලෝග්‍රෑම් 430ක හෙරොයින් තොගයක් පොලීසිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.
එහි වටිනාකම රුපියල් මිලියන 5,166ක් පමණ වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
හෙරොයින් ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින් දිනපතා අත්අඩංගුවට ගැනෙන අතර, මෙම කාලසීමාව තුළ පමණක් පුද්ගලයින් 37,304ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර බේරුවල බලපිටිය මුහුදු තීරයේදි ඊයේ දිනයේ හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 2778ක් වන බවයි පොලීසිය සදහන් කරන්නේ.