News

2018 හලාවත වැටලීම් 6345ක් – ගංජා කිලෝ 235 යි – හෙරෝයින් ග්‍රෑම් 825 යි හමුවෙයි

2018 වර්ෂය තුළ හලාවත පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විවිධ ආකාරයේ වැටලීම් 6354 ක් සිදු කර ඇති බව හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජිත් කුමාරපේලි මහතා සදහන් කරයි.

හලාවත පැවති පොලිස් නිලධාරීන් සදහා වන උත්සවයකදී මේ බව අනාවරණය විය.
2017 වර්ෂය තුළ සිදු කර ඇත්තේ වැටලීම් 6381 ක් පමණි.

2018 වර්ෂය තුළ නීති විරෝධී ලෙස ගෝඩා සහ කසිප්පු ළග තබා ගැනීම සම්බන්ධයෙන් වූ වැටලීම් 400 ක් සිදු කර ඇත.ගංජා ළග තබා ගැනීම සම්බන්ධයෙන් වූ වැටලීම් 1035 ක් සිදු කර ඇති අතර,එම වැටලීම් වලදී ගංජා කිලෝ ග්‍රෑම් 235 යි ග්‍රෑම් 842 ක් පොලිස් බාරයට ගෙන ඇත.හෙරෝයින් ළග තබා ගැනීමේ වැටලීම් 1390 ක් සිදු කර ඇති අතර,එහිදී හෙරෝයින් ග්‍රෑම් 825 යි මිලි ග්‍රෑම් 778 ක් පොලිස් බාරයට ගෙන ඇත.

2017 වර්ෂය තුළ නීති විරෝධී ලෙස ගෝඩා සහ කසිප්පු ළග තබා ගැනීමේ වැටලීම් 466 ක් සිදු කර ඇත.ගංජා ළග තබා ගැනීමේ වැටලීම් 1044 ක් සිදු කර ඇති පොලිස් නිලධාරීන් එහිදී ගංජා කිලෝ ග්‍රෑම් 47 යි මිලි ග්‍රෑම් 642 ක් තම බාරයට ගෙන ඇත.හෙරෝයින් ළග තබා ගැනීමේ වැටලීම් 542 ක් සිදු කර ඇත.එහිදී හෙරෝයින් ග්‍රෑම් 212 යි මිලි ග්‍රෑම් 20 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

පුත්තලම – ජුඩ් සමන්ත