News

2018 අ.පො.ස. උසස් පෙළ විශිෂ්ඨයන්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

උසස් පෙල විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජීව විද්‍යා අංශය
ප්‍රථම ස්ථානය – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනී සමුදා රාජපක්ෂ
දෙවන ස්ථානය – කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලන්ගම්ගේ
දෙවන ස්ථානය – මාතලේ සහිරා විද්‍යාලයේ මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම්

භෞතික විද්‍යා අංශය
ප්‍රථම ස්ථානය – කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන
දෙවන ස්ථානය – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ
තෙවන ස්ථානය – කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර

වාණිජ අංශය
ප්‍රථම ස්ථානය – කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න
දෙවන ස්ථානය – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර
තෙවන ස්ථානය – කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න

කලා අංශය
ප්‍රථම ස්ථානය – පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්යා ද අල්විස්
දෙවන ස්ථානය – කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහ
තෙවන ස්ථානය – මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි

ඉංජිනේරු තාක්ෂණ අංශය
ප්‍රථම ස්ථානය – කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්න
දෙවන ස්ථානය – කොළඹ ආනන්ද විද්‍යාලයේම තරිඳු හේෂාන්
තෙවන ස්ථානය – නිකවැරටිය මහසෙන් ජාතික පැසලේ සෙෂාන් රංගන විජේකෝන්

ජෛව පද්ධති තාක්ෂණවේද අංශය
ප්‍රථම ස්ථානය – කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සඳුනි පියුමාෂා
දෙවන ස්ථානය – සමන්තුරේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ එම්.බී. රිෂා මොහොමඩ්
තුන්වන ස්ථානය – හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු දිලෙන්ක ලක්මාල්