2019 අයවැය හෙට පාර්ලිමේන්තුවට
2019 වසරට අදාල අයවැය යෝජනාව හෙට (05) දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය පෙබරවාරි 5 වනදා අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර එදිනම එය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
හෙට පස්වරු 2ට මුදල් අමාත්‍යවරයා අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර දෙවන වර ඡන්ද විමසීම ලබන 12 වනදා පැවැත්වවීමට නියමිතව ඇත.
ඊට පසුදින තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරෙන අතර අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 5 වන සිකුරාදා සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.