News

2019 අ.පො.ස සාපෙළ විභාගයට අයැදුම්පත් භාර ගැනීම ඇරඹෙයි

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 31 වැනි දා දක්වා අයැදුම්පත් භාර ගන්නා බවය.

පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතු වන අතර පෞද්ගලික අයැදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති ආදර්ශ අයැදුම්පත පුරවා එවීමෙන් ඒ සඳහා අයැදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.